Connect with us

Local News

නව ප්‍රභේදයෙන් පෙනහළුවලට හානි.

Published

on

ශ්‍රී ලංකාවේ දැනට පැතිරීගෙන යන බී. ඒ. ෆෝ. සහ බී. ඒ. ෆයිව්. කොවිඩ් ප්‍රභේදය පෙනහළුවලට හානි සිදු කරන බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත් දායකයෙකු වන ආචාර්ය සංජය පෙරේරා පවසනවා.
ඔහු කියා සිටියේ යුරෝපයේ සහ අප්‍රිකාවේ ද මෙම කොවිඩ් ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන බවයි. මේ අතර පෙරේදා කොරෝනා මරණ හයක් සිදු වී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. එසේම ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 214 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.