Connect with us

Local News

තිළිණි ප්‍රියමාලි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කළාදැයි විමර්ශනයක්.

Published

on

බරපතල මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. ඇයගේ ව්‍යාපාර සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම ජාවාරමෙන් උපයා ගන්නා මුදල් ආයෝජනය කර ඇත්ද යන්න පිළිබඳ එහිදී විමර්ශනය කෙරෙන බවයි වාර්තා වන්නේ. රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ චෝදනාව මත තිළිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 5 වනදායි. ඒ ඇයට එරෙහිව ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුවයි. ඇය අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මේ වනවිට තිළිණි ප්‍රියමාලිට එරෙහිව පැමිණිලි 11 ක් ඉදිරිපත්වී තිබෙනවා. ඉන් පැමිණිලි 09ක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර පැමිණිලි දෙකක් මීගමුව පොලිසියට සහ තවත් පැමිණිල්ලක් කඩවත පොලීසියට ලැබී ඇති බවට සඳහන් වෙයි.

Continue Reading