Local News
තැපැල් ඡන්ද ප්රකාශ කිරීම අද
2024 මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ කටයුතු අදින් (30) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
එය නොවැම්බර් මස පළමුවැනිදා සහ හතරවැනිදා යන දිනවල ද සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
එමෙන්ම මෙම දිනයන්හි ඡන්දය සළකුණු කිරීමට නොහැකි රාජ්ය සේවකයින් සඳහාන් ලබන හත සහ අට යන දෙදින වෙන් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
මේ අතර මහමැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා ලබන ඉරිදා (03) විශේෂ දිනයක් ලෙස නම් කර ඇති බව සඳහන්.
අදාළ ක්රියාවලිය සඳහා සේවකයින් 8000කට ආසන්න පිරිසක් යොදවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.