Local News
ඩෙංගු අවදානම තවදුරටත්.
පසුගිය සති කිහිපය තුළ ඩෙංගු රෝගින්ගේ සුළු අඩු වීමක් වාර්තා වුව ද පැවති වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී මදුරුවන් බෝ වීමේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. කොළඹ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් පනස් දහසට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.