Connect with us

Local News

ඡන්දය තියන්නත් කලින් තානාපතිවරුන්ට පත්වීම් ලිපි දීලා

Published

on

2024 ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන බවට නිවේදනය කර ඇති පසුබිමක, බහරේනය, මැලේසියාව, නවසීලන්තය, ඉන්දුනීසියාව, ඊජිප්තුව සහ ඉරානය යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් සඳහා පත්වීම් ලිපි නිකුත් කර තිබේ.

මෙම නව තනතුරු අතරට එක් දේශපාලන පත්වීමක් සහ නව රාජ්‍ය තාන්ත්‍රික පත්කිරීම් 5ක් ඇතුළත්ය.

එමෙන්ම,  පසුගිය සතියේ, විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙක් සඳහා නව පත්වීම් ලබා දී ඇත.

එම නව පත්කිරීම් පහතින්,

විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා නිව්යෝර්ක්හි උපදේශකවරයෙකු ලෙස

 විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්ගේ පෞද්ගලික සහකාර, ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයාගේ පෞද්ගලික සහකාර ලෙස

මේ සම්බන්ධයෙන් මේ වනවිටත් මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇති බවත් විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.