Connect with us

Local News

චීන නැවේ පැමිණීම ගැන ඉන්දියාව නිල වශයෙන් ම නොසතුට පළ කරදිදී, නැංගුරම් ලෑම කල් දාන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලයි!

Published

on

ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ (Yuan Wang – 5) පිළිබඳ ඉන්දීය රජය සිය නොසතුට මෙරට බලධාරීන්ට නිල වශයෙන් දැනුම් දී ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළා. අභ්‍යවකාශ චන්ද්‍රිකා සහ අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිල නිරීක්ෂණය කළ හැකි අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම නෞකාව මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය නාවික හමුදාව දැඩි විමසිල්ලෙන් පසුවන බව මෙම සතිය ආරම්භයේදී ම ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.