Connect with us

Breaking News

පාඨලී චම්පික රණවක මහතාගේ සහාය සජිත්ට – ගිවිසුම අත්සන් කිරීම හෙට (14) තලවතුගොඩ දී

Published

on

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට එකඟතාව පළකර තිබේ.

ඒ සඳහා වන ගිවිසුම හෙට (14) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී අත්සන් කිරීමට නියමිතය.

චම්පික රණවක මන්ත්‍රිවරයාගේ පක්ෂයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම මන්ත්‍රිවරයා මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ සමගි ජන බලවේගයෙනි. 

ඉන් ඉවත්ව 43 සේනාංකය පිහිටවූ ඔහු පසුව එක්සත් ජනරජ පෙරමුණ ද ඇති කළේ සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස විවේචනය කරමිනි.

එමෙන්ම පසුගිය දිනවලදී ඔහු කියා සිටියේ රාජපක්ෂලා නොමැති සන්ධානයකට සහාය ලබාදෙන බවයි. 

රණවක මන්ත්‍රිවරයා අවස්ථාවක් ලැබුණහොත් තමාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ද මීට පෙර ප්‍රකාශ කර තිබිණි.