Connect with us

Local News

ගෑස්මිල බසියි ? – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලත් පහතට.

Published

on

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස්මිල අඩුවිය හැකි බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ඒ අනුව එම මිල සංශෝධනය වීමේ දී දැන් පවතින ලිට්‍රෝ ගෑස්වල මිල ගණන් රුපියල් 200ත් 300ත් අතර අගයකින් අඩු විය හැකි බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ පිළිබඳ අවසන් අනුමැතිය අද ලැබීමට නියමිතයි. ඒ ලිට්‍රෝ ගෑස්මිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත නිසාවෙන්. ලිට්‍රෝ සමාගම සඳහන් කළේපසුගිය ජූලි මාසයේ සිට සමාගම ලාභ ලැබීම හේතුවෙන් මෙලෙස මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කළ බවයි.
මේ අතර අද සිට බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිල අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මේ වනවිට අඩු වී ඇති බවත්, අද සිට ගෑස්මිල අඩුවන බැවිනුත් මෙම තීරණය ගත් බවයි. මේ අතර අද සිට අනිද්දා දක්වා දිවයින පුරා විදුලිය කප්පාදු කෙරෙන්නේ පැයක කාලයක් පමණක් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කළා.
ඒ, පස්වරු 06 සිට රාත්‍රි 09 දක්වා වූ කාලය තුළයි.