Connect with us

Local News

ග්‍රාම නිලධාරී මහතුන් දින දෙකක් තම සේවයෙන් ඉවත්වීමට තීරණය කරයි.

Published

on

අද (12) සහ හෙට (13) සියලු රාජකාරී වලින් ඉවත්ව දීපව්‍යාප්ත විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

ග්‍රාම නිලධාරීන්ගේ අදහස් විමසීමකින් තොරව ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට විරෝධය පළකරමින් මෙම ක්‍රියාමාර්ග ගන්නා බව එහි සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ.

දිවයිනේ සියලු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ග්‍රාම නිලධාරීන් අද පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටට කැඳවා විරෝධතාවක නිරතවන බව ද ඔහු පැවසුවා.

එම සතිය තුළ දිවයින පුරා ඇති සෑම ග්‍රාම නිලධාරී කාර්යාලයක් ඉදිරිපිටම කළුකොඩි ප්‍රදර්ශනය කරන බවද නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.