Connect with us

Local News

කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු අද භාරගනී

Published

on

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම අද (25) සිදුකරන බව තැපල් දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 23වනදා තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකළ අතර අධිකරණය නියෝගයක් හේතුවෙන් කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම තාවකාලිකව අත්හිටවා තිබුණි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මැතිවරණ කොමිසමේ දැනුම්දීම මත ප්‍රාදේශීය තැපල් අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ අද දිනයේ අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුවන බවය.

ලබන 30 වනදාට පෙර තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු බෙදාහැර අවසන් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා අද දෙරණ කළ විමසීමකදී වැඩිදුරටත් කියාසිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා,

“2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමේ කටයුතු සිදු වුණේ පසුගිය 23 වනදා.” 

“අධිකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමත් වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමත් තාවකාලිකව අත්හිටුවා තිබුණා.”

“මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම්දීම මත අද දිනයේ එම කටයුතු නැවත ආරම්භ කරනවා.”  

“ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමත් වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමත් ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ අද දිනයේ සිදු කෙරෙනවා.”

Continue Reading