Connect with us

Local News

කුකුළු මස් මිල පහළට

Published

on

වෙළෙදපොළේ කුකුළු මස් මිල පහල යාමක් සහ බිත්තර හිඟයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ආර්.එම්.රත්නායක සඳහන් කළේ බිත්තර පාලන මිලේ ගැටළුව හේතුවෙන් බිත්තර නිෂ්පාදනය කරන ගොවින්ට කිකිළියන් අලෙවි කිරීමට සිදුව ඇති බවයි. මේ හේතුවෙන් වෙළෙදපොළේ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 700ක් දක්වා පහත බැස ඇති බවයි ඔහු කියා සිටියේ. වෙළදපලේ බිත්තර විවිධ මිල ගණන් යටතේ පැවතීම හේතුවෙන් රජය විසින් බිත්තර සදහා පාලන මිලක් නියම කරමින් පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයින්ගෙන් එල්ල වුයේ දැඩි විරෝධයක් වන අතර වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු සමග ඔවුන් සාකච්ජාවකද නිරත වුණා. එහි දී යම් එකඟතාවන්ට පැමිණියද රජය නියම කල පාලන මිලට වෙළෙදපොළේ බිත්තර අලෙවි නොවන බවටයි පාරිභෝගිකයින් චෝදනා කළේ.