Connect with us

Local News

කවද හරි රටේ ජනාධිපති වෙන එක මගේ සිහිනය – අශේන්

Published

on

ඉදිරි මහ මැතිවරණයේ දී තමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමට අපේක්ෂා කරන බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ අශේන් සේනාරත්න මහතා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 15 සමග තමා මේ වනවිට එක්ව ඇති බවත් ඔහු කියා සිටියේය.

විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, කවදා හෝ දිනක රටේ ජනාධිපති වීම තම අවසන් අපේක්ෂාව බවය.

2024 මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් භාරදුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගනු ලැබූ තීරණය සමග අශේන් සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ චරිතයක් වුණි.

පසුව ඔහු විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

එම පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකාබැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අදාළ නියෝගය නිකුත් කළේය.

කෙසේවෙතත් වැඩිදුරටත් අදහස් දක්වමින් අශේන් සේනාරත්න පවසා සිටියේ මෙවන් අදහසකි.

“ලිස්ට් එකේ මගේ නම නෑ. ඒත් ඒ ස්වාධීන කණ්ඩායම කොළඹින් ඡන්ද ගොඩක් ගත්තොත් ජාතික ලැයිස්තුවෙන් මට යන්න පුළුවන් කියලා මම හිතනවා. ජනතාවට ආදරේ මිනිස්සු තමා හොරු එක්ක නැතුව, පාට පක්ෂ කණ්ණාඩිවලට යටවෙන්නේ නැතුව තනියම ගේමක් ඉල්ලලා මෙහෙම තනියම වැඩ කරන්නේ…

මනුස්සයෙක් මුහුකුරා යන්නේ සයිස් එකෙන් නම් අවුරුදු විසි ගාණකින් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු එන්නේ නෑ නේ. රනිල් වික්‍රමසිංහ අවුරුදු විසි ගාණකින් දේශපාලනයට එන්නේ නෑනේ. ඒගොල්ලන්ව කකුලෙන් ඇද්දේ නෑ කවුරුත්, ඒ අයගේ ගමනට කවුරුත් බාධාවක් වුණේ නෑ. ඒ නිසයි ඒ වගේ දැවැන්ත දේශපාලන චරිත බිහිවෙලා තියෙන්නේ. කාවවත් මනින්න එපා පෙනුමෙන්. එයාගේ වැඩවලින් එයාව මනින්න…

සාම්ප්‍රදායික දේශපාලනඥයා සහ අද වර්තමානයේ දේශපාලනය කරන්න එන අශේන් සේනාරත්නගේ වෙනස ඇවිල්ලා, අපි බොරු කරන්නේ නෑ…මම බොරුවක් කළොත් හෙට ඒක බොරු කියලා ඔප්පු වෙනවා.

දැන් විරෝධයක් නෑ… පාරේ බැහැලා යනවා හොඳට. මඩ පෝස්ටර් ගහන අය කරන චුටි දෙයක් ඒක. ඒ අයට පුළුවන් ද මේ මහා ගල් වගේ ඉන්න, රූක්ෂ ගස්වගේ ඉන්න මිනිස්සුන්ව වට්ටන්න…”

Continue Reading