Local News
කලා ඔය පහත් බිම් ප්‍රදේශවලට ගං වතුර අනතුරු ඇඟවීම්
කලා ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නොච්චියාගම, රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉදිරි පැය 48 තුළ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.
කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මේ වනවිට සැලකිය යුතු වාර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරනු ලබන රාජාංගනය ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 10000කට ආසන්න ජල ප්‍රමාණයක් මුදාහරිනු ලබනවා.
මේ වනවිට ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනුව මෙම ප්‍රමාණය අද දහවල් කාලයේදී තවදුරටත් වැඩි කිරීමට සිදු වනු ඇති.
මේ තත්ත්වය සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නගේ ඉල්ලා සිටිනු ලබනවා.