Connect with us

Local News

ඒ. එච්. එම්. ෆවුසිට එරෙහිව සමගි ජන බලවේගයෙන් විනය ක්‍රියාමාර්ග.

Published

on

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතා යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගයේ තීරණය කර තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී IMF යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා IMF ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීම පක්ෂ තීරණයට පටහැනි බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතා මෙලෙස දිවුරුම්දී තිබුණා.