Local News
ඉරාන තානාපති විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හමුවෙයි.
මෙරට ඉරාන තානාපති හෂේම් අෂ් ජාසා දේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා හමු වී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ සිදු වූ මෙම හමුවේ දී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ අවධානය යොමු වු බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ. ආර්ථික පසුබෑම සහ එම තත්ත්වය අවම කොට ස්ථාවරභාවය ළඟා කරගැනීම සඳහා ලක් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉරාන ජනරජයේ සහාය අඛණ්ඩ ව ලබා දෙන බවයි ඉරාන තානාපතිවරයා එහි දී සඳහන් කර ඇත්තේ.