Connect with us

Local News

ඉන්ධන නොමැතිවීම නිසා පිරවුම්හල් 300කට අධික සංඛ්‍යාවක් වැසී යයි.

Published

on

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම හමුවේ මේ වනවිට පිරවුම්හල් 300ත් 500ත් අතර සංඛ්‍යාවක් තාවකාලිකව වැසී ගොස් ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා. බස්නාහිර පළාත තුළ පිරවුම්හල් 340ක් පවතින අතර, ඉන් ඩීසල් බෙදාහරිනු ලබන්නේ 200කටත් අඩු සංඛ්‍යාවකට වනවා. පෙට්‍රල් බෙදාහරිනු ලබන්නේ පිරවුම්හල් 220 කට පමණක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් QR ක්‍රමවේදය හඳුන්වාදීමෙන් පසුව සංස්ථාව විසින් දෛනිකව නිකුත් කළ පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමාණයේ අඩු කිරීමක් සිදුකර නොමැති බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. අත්පිට මුදලට පමණක් පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමට සංස්ථාව ගෙන ඇති තීරණය නිසා ඉන්ධන බෙදාහැරීමේ ප්‍රමාදයන් පවතින බවයි ඔහු ප්‍රකාශ කළා.