Connect with us

Local News

ආණ්ඩු පක්ෂයේ 13ක් විපක්ෂයේ අසුන් ගනියි.

Published

on

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි. ඒ අනුව පොදු ජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් දොළොස් දෙනා විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි. විපක්ෂයේ අසුන් ගැනීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් විශේෂ ප්‍රකාශයක් ද සිදුකළ අතර එහිදී ඔහු කියා සිටියේ අද සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස තම කණ්ඩායම විපක්ෂයේ සිට කටයුතු කරන බවයි.