Local News
අස්වැසුම අයදුම්කරුවන්ට රජයෙන් විශේෂ නිවේදනයක්
අස්වැසුම සුබ සාධක ප්රතිලාභ වැඩසටහනට අයැදුම් කිරීමට ලබා දුන් අතිරේක සහන කාලය යළි දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් 9 වැනි දා දක්වා අස්වැසුම ප්රතිලාභ ලබාගැනීමට අයැදුම් කළ හැකි බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.
රට තුළ පවතින අයහපත් කාලගුණික තතත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස කාලය නැවත වරක් දීර්ඝ කිරීමට පියවර ගත් බව නිවේදනයේ සඳහන්.
අස්වැසුම ප්රතිලාභී යෝජනා ක්රමය සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සඳහා 2024.11.25 දින සිට 2024.12.02 දක්වා සහන කාලයක් මීට පෙර ලබා දී තිබුණා.