Connect with us

Local News

අර්බුදයෙන් ගොඩඑන්න ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් යෝජනා දහයක්.

Published

on

පවතින ආර්ථික අර්බුදයෙන් කෙටි කාලීනව සහ මධ්‍යකාලීනව රට ගොඩනැගීම සදහා කරුණු 10කින් සමන්විත
වැඩපිළිවෙලක් රජයට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහි තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම ලෙස නම් කර ඇති මෙය පසුගියදා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කළ බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ. ණය අර්බුදය කළමනාකරණය, මුල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, අදායම් ස්ථාවර කිරීම, වියදම් පාලනය, රාජ්‍ය අංශය කළමනාකරණය, බලශක්ති සහ මහජන උපයෝගිතා, වෙළදාම, කර්මාන්ත, කෘෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය, නිෂ්පාදන සාධක වෙළදපොල ප්‍රතිසංස්කරණ, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය, විනිවිදභාවය සහ වගවීම මොහු ඉදිරිපත් කර ඇති ආර්ථික වැඩපිළිවෙලට ඇතුලත්. තමන් ඉදිරිපත් කර ඇති ආර්ථික වැඩපිළිවෙල සදහා විපක්ෂයේ බොහෝ පක්ෂවල අනුමැතියද හිමිව ඇති බවත් එය වහාම
ක්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා රජයෙන් ඉල්ලා සිටිනවා.
එසේ නොමැති නම් ආණ්ඩුව කඩිනමින් සිය ආර්ථික සැලැස්ම ඉදිරිපත් කළ යුතු බවයි ඔහු කියා සිටියේ.