Local News
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 21කට බලපෑම්, පවුල් 82,542කට පීඩා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 21කට බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
පුද්ගලයින් 276,550 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.
පවුල් 5,305කට අයත් පුද්ගලයින් 16,553 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
වැඩිම පිරිසකට බලපෑම් එල්ල වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේයි.
එම පිරිස එක්ලක්ෂ හතලිස් නව දහස් හාරසිය අනූ එකක් වනවා.
මේ අතර හදිසි ආපදාවන් දැනුම්දීම අවතැන්වීම් සහ සහන ලබාගැනීම සදහා තොරතුරු දැනුම්දීමට විශේෂ දුරකතන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා.
පොලිස් මූලස්ථානය හරහා මෙම තොරතුරු එක්රැස් කරන අතර දිනයේ පැය 24 පුරාම මෙම සේවාව ක්‍රියාත්මකයි.
119 හා 118 පොලිස් හදිසි ඇමතුම් අංකවලට ද මෙම තොරතුරු දැනුම් දිය හැකි අතර 107 යන දුරකතන අංකය දෙමල භාෂාවෙන් තොරතුරු දැනුම්දීම සඳහා විවෘතව තිබෙනවා.
117 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංකයට යම් ආපදා තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුම්දිය හැකියි.