Local News
අයවැය කතාව ලබන අවුරුද්දේ පෙබරවාරි 17 වැනිදා
මහජනතාව විසින් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු වන පරිදි හා මහජනතාවගේ බලාපොරොත්තු ඉටු වන පරිදි අපේක්ෂිත සංවර්ධනයේ ආරම්භක පියවර තබන අයවැයක් වශයෙන් 2025 වර්ෂය වෙනුවෙන් අයවැය සකස් කිරීම සඳහා නව රජය විසින් අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මඟින් දක්වා ඇති වියදම් සීමාවන්ට යටත්ව සහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව අමාත්‍යාංශ විෂය පථයන් යටතේ ඒ ඒ අමාත්‍යාංශ විසින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමට හැකි වන පරිදි සියලුම අමාත්‍යාංශ වෙතින් යෝජනා ලබා ගැනීමටත්, 2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2025.01.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දෙවන වර කියවීම (අයවැය කථාව) 2025.02.17 දින සිදු කිරීමටත්, තෙවන වර කියවීමේ අයවැය විවාදය 2025.02.27 දින සිට 2025.03.21 දින දක්වා පැවැත්වීමටත් හැකි වන අයුරින් 2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.