Connect with us

Local News

අනුර කුමාර දිසානායක අටමස්ථානාධිපති හිමි හමුවෙයි

Published

on

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) පස්වරුවේ ශ්‍රී මහා බෝධි මහා මළුවේදී අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක තිබෙනවා.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග එහිදී සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් මහා සංඝරත්නයෙන් ආශීර්වාද ලබා ගත්තා.

මේ අතර එදිනම ඔහු පස්වරුවේ රුවන්වැලි මහා සෑ විහාරයේ අනුනායක හිමිපාණන් වහන්සේ ද බැහැදැක තිබුණා.

මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ සහ මහාචාර්ය සේන නානායක්කාර මහතාද සහභාගි වී සිටියා.