Connect with us

Uncategorized

අනුරගේ ප්‍රතිපත්තිය ශෙහාන් සේමසිංහගේ විවේචනයට

Published

on

ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති රනිල් වික්‍රමසිහ සමඟ සමඟ සාකච්ඡා කළ නිර්මාණය කළ ප්‍රතිපත්ති ප්‍රකාශයක්ද යන්න සැක සහිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“කියන්න කණගාටුයි. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මේක පැතුම් මල්ලක් විතරයි. අපි දැනට කරගෙන යන හොද දේවල් ඔක්කොම ටික සඳහන් කරලා තියෙනවා එක්කෝ ඉලක්කමක් වෙනස් කරලා තියෙනවා එක්කෝ සුන්දර වචනයක් පාවිච්චි කරලා තියෙනවා. බලන්න දැන් වචනෙත් ලස්සයිනේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ මේ අයට ඒ අය කියනවා විවිධ අංශ වලින් මේ තොරතුරු ගත්තේ කියලා. මං හිතන්නේ විවිධ අංශ වලින් තොරතුරු අරගෙන නෑ. මේ තොරතුරු ටික අරගෙන තියෙන්නේ අපි මීට මාසෙකට විතර කලින් ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත. ඒ නීතියම කොපි කරලා අරගෙන ඔවුන්ගේ ප්‍රතිපත්තිය බවට පත් කරලා තියෙනවා. මේ විදිහට රටක බලය ඉල්ලන කණ්ඩයම් අනුන්ගෙන් කොපි කරලා කොහොමද කරගෙන යන්නේ.”