Local News
අධිකරණයට අපහාස කළ පොලිස්පතිට නොතීසි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (23) නොතීසි නිකුත් කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂවරයා සමඟ අත්අඩංගුවට ගෙන, වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ගේ වැටුප ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය
ලබාදුන් නියෝගය පිළිපැදීමට අපොහොසත් වීම හේතුවෙන්. ප්‍රියන්ත ජයවර්ධන, එස්.තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පොලිස්පතිවරයා ඇතුළු සිව්දෙනාට නොතීසි නිකුත් කළ අතර පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, නියෝජ්‍ය පොලිස්පති
ජේ.එස්.විරසේකර, ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී එම්.එන්.එස්.මෙන්ඩිස් සහ සහකාර පොලිස් අධිකාරී සනත් කුමාර යන අය නොවැම්බර් 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළා. මෙම වසරේ මාර්තු මස 23 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයාගේ සම්පූර්ණ වැටුප සහ හිමිකම් ගෙවන ලෙස ඉකුත් මැයි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතර, එම නියෝගය ක්‍රියාත්මක කිරීම පොලිසියේ අකාර්යක්ෂමතාව හේතුවෙන් ප්‍රමාද වූ බව අධිකරණයේ දී ප්‍රකාශ වුණා.