Connect with us

Local News

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස

Published

on

මෙරටට බොරතෙල් ගෙන්වීමේදී ඇමරිකන් ඩොලර් මිලියනය ඉක්මවන පාඩුවක් දරන්නට රජයට සිදුවී ඇති බව වාර්තා වෙනවා.

ඒ, වාණිජ බුද්ධි ඒකකයක් ලෙසින් පිහිටුවාගත් තෙල් සංස්ථාවේ ඒකකයක නිලධාරීන්ගේ වැරදි අනාවැකියක් හේතුවෙන් බව සඳහන්.

අගෝස්තු මාසයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යනු ඇතැයි ඇමැතිවරයා විසින් පත් කරන ලද බුද්ධි ඒකකය ලබාදුන් වැරදි අනාවැකියක් නිසා මෙම පාඩුව දරන්නට සිදුවී ඇති බව තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ බව ආරංචි මාර්ග පවසනවා.

අගෝස්තු මාසයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යනු ඇතැයි වැරදි පුරෝකතන කළද ජූලි මාසයේදී ඩොලර් 83.93ක් වූ බොරතෙල් බැරලය අගෝස්තු මාසයේදී ඩොලර් 82.52 දක්වා පහළ බැස තිබෙනවා.

ඒ, අනුව අගෝස්තු මාසයේදී බොරතෙල් මිල ඉහළ යනු ඇතැයි සංස්ථාවේ බුද්ධි ඒකකයක් වැරදි බුද්ධි වාර්තා ලබාදී බොරතෙල් නැවක් ගෙන්වීම නිසා ඩොලර් මිලියනයකට අධික පාඩුවක් දරන්නට සිදුවී ඇති බව සඳහන්.

එමෙන්ම මෙම පුරෝකතන ලබාදී හදිසියේම බොරතෙල් නැවක් මෙරටට ගෙන්වා ඇත්තේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබියදීයි.