Local News
අගමැති මැදුර ඉදිරිපිට මුරකුටි ගලවා දමයි – අරලියගහ මන්දිරයට යාබද මාර්ගයත් ජනතාවට විවෘත කෙරේ
අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ ආරක්ෂක කුටි මුළුමනින්ම ගලවා ඉවත් කර තිබෙනවා.
කොළඹ මහ නගර සභාව විසින් බැකෝ යන්ත්‍ර යොදා මෙම මුරකුටි ගලවා සුන්බුන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය මහජනතාව සඳහා විවෘත කිරීමෙන් පසු මෙම පියවර ගෙන තිබෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් ලබා දී දුන්නා.