Connect with us

Local News

හෙට සිට සියයට 75 කින් විදුලිබිල ඉහළට.

Published

on

විදුලිබිල හෙට සිට සියයට 75 සාමාන්‍ය අගයකින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. එහි සභාපති ජනක රත්නායක කොළඹ අද දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, විදුලි ඒකක 30 ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සියයට 264කින් ඉහළ නංවන බවයි. 31ත් 60ත් අතර, ඒකක සංඛ්‍යාවක් භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලිබිල සියයට 200කින් සහ ඒකක 61ත් 90ත් අතර භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලිබිල සියයට 125කින් ඉහළ නැංවීමට අවසර ලබා දී තිබෙනවා. 91ත් ඒකක 120ත් අතර භාවිත කරන විදුලි පාරිභෝගිකයින්ගේ ගාස්තුව ඉහළ නැංවෙන්නේ සියයට 89කින්. එසේම, ගාස්තු ඉහළ නැංවීමේ දී මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට කොන්දේසි කිහිපයක් ද පනවා තිබෙනවා. මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය යහපත් වනතුරු සියලු පාරිතෝෂිත ලබා නොදිය යුතුය යන්න එම කොන්දේසි අතරට ඇතුළත්. මේ අතර, විදුලි බල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය යහපත් වන තුරු සේවක පාරිතෝෂිත (බෝනස්) නො ගෙවන ලෙසත් මහජන උපයෝගිතා කොමිසම පවසනවා.