Connect with us

Local News

හිටපු ජනාධිපති ගේ නැවත පැමිණීම නැවතත් කල්යයි.

Published

on

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආගමනය තවත් සති දෙකකින් පමන කල් යනු ඇති බවට වාර්ථා වනවා. හිටපු ජනාධිපතිවරයා අද දිනයේ නැවත දිවයිනට පැමිණීමට සූදානම්ව සිටින බවයි මීට පෙර වාර්තා පළ වූයේ. කෙසේවෙතත් ආරක්ෂාව සම්බන්ධ තවදුරටත් විසඳාගත යුතු ගැටලු කිහිපයක් හේතුවෙන් ඔහුගේ ආගමනය තවත් සති දෙකක් පමණ ප්‍රමාද විය හැකි බවයි රොයිටර් පුවත් සේවය පවුලේ සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කරන්නේ. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ගේ බදාදා නැවත පැමිණීම, කල් දමා ඇත්තේ එලෙස ප්‍රමාද කරන ලෙස බුද්ධි අංශ දී ඇති උපදෙස්අ නුව බවයි නම හෙලි නොකල උසස්ආරක්ෂක නිලධාරියෙකු සඳහන් කළේ. “ඔහුට අනිවාර්යයෙන්ම ආපසු පැමිණීමට අවශ්‍යයි. නමුත් ආරක්ෂාව තමයි ප්‍රධාන ප්‍රශ්නය, ඔහුගේ ආරක්ෂාව සඳහා විධිවිධාන කඩිනමින්ස ලසා ගත හැකි නම්, ඔහුට සති දෙකකට පෙර හෝ ආපසු පැමිණිය හැකියි එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියා. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ගේ ශ්‍රී ලංකා ආගමනය කඩිනම් කිරීමට මේ වන විට තායිලන්තයේේරැඳී සිටීම වෙනුවෙන් ඔහුට වැය කිරීමට සිදුව ඇති අතිවිශාල මුදල් ප්‍රමාණය ද හේතුවක් වී ඇති බවයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ. “පෞද්ගලික ජෙට් යානයක්, ප්‍රභූ පන්තියේ හෝටල පහසුකම් සහ පැය 24 පුරාම ආරක්ෂාව සඳහා වන පිරිවැය ද ඇතුළත් බැවින් ඔහුගේ තායිලන්ත බිල්පත දැන් රුපියල් මිලියන සිය ගණනක් ඉක්මවා ගොස්ඇති බවයි එම මූලාශ්‍රය පවසන්නේ. “එම පිරිවැය තව දුරටත් දරා ගැනීම මේ වන විට අසීරු වෙමින් පවතිනවා” හිටපු ජනාධිපති වරයාගේ පිරිවැටුම් සම්බන්ධයෙන් අදහස්දැ ක්වූ ඔහුගේ සමීපතමයකු සඳහන් කළා. හිටපු ජනාධිපතිවරයා ගේ සිංගප්පූරුවේ සහ තායිලන්තයේ රැඳී සිටිමේ වියදම් ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු විසින් දරනු ලබන බවයි රොයිටර් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පැවසුවේ, ගෝඨාභය රාජපක්ෂ ගේ නැවත පැමිණීමට අවශ්‍ය කටයුතු සඳහා පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්චා කරමින් සිටින බවයි. ජනාධිපති වික්‍රමසිංහ පසුගිය සතියේ රොයිටර් පුවත් සේවයට පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ නැවත පැමිණීමේ කිසිදු සැලසුමක් ගැන තමා “දැනුවත් නැති” බවයි. එමෙන්ම නැවත පැමිනෙන හිටපු ජනාධිපතිවරයාට එරෙහි ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව ගන්නා බව ද ඔහු පැවසුවා. මේ වන විටත් දූෂණ විරෝධී ආයතනය, සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් යන ආයතන හිටපු ජනාධිපතිවරයා යටතේ අගමැති සහ මුදල් ඇමති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ දෙදෙනා ඇතුළු “වර්තමාන ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස” ඉල්ලා දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු ගොනුකර තිබෙනවා.