Connect with us

Local News

ස.ජ.බ රැස්වීමකදී පොලීසියේ 6 දෙනෙකුට තුවාල

Published

on

ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පිණිස අද (09) මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් විශාල රතිඤ්ඤා ප්‍රමාණයක් දැල්වීමෙන් පොලිසියේ හය දෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා තිබෙන බවට වාර්තා වේ.

රතිඤ්ඤා දැල්විමෙන් තුවාල ලැබූ පිරිස මේ වන විට මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම රැස්වීමේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් හය දෙනාට අමතරව සිවිල් පුද්ගලයන් දෙදෙනකු මෙලෙස තුවාළ ලබා තිබෙන බව පැවසේ.

අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි සෙසු පොලිස් නිලධාරින් විසින් තුවාලකරුවන් රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබුණි.