Local News
සේපාල් අමරසිංහ ලබන 17 වැනිදා දක්වා නැවත රිමාන්ඩ්.
ශ්‍රී දළදා වහන්සේට අපහාස වන අයුරෙන් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ අද යළි නඩුව කැඳවූ අවස්ථාවේදීයි. විත්තියේ පාර්ශවයෙන් ඉල්ලා තිබූ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන තීන්දුව එදිනට නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කළා. සේපාල් අමරසිංහ විසින් දළදා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකර ඇත්තේ, 172,000ක ග්රාහකයන් පිරිසක් සිටින සිය සමාජ මාධ්‍ය පරිශීලකයන් හරහා එය බෙදාහරිමින් මුදල් උපයා ගැනීමේ අරමුණින් බවටයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට පවසා ඇත්තේ. ඔහු මෙම ගිනුම මගින් මසකට රුපියල් ලක්ෂ 14ක මුදලක් උපයා ඇති බවටද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් චෝදනා කළා. මේ අතර සේපාල් අමරසිංහ විසින් සිදුකළ මෙම ප්‍රකාශය චේතනාන්විතව, දළදා වහන්සේට හෝ බුදුදහමට අපහාස වන අයුරින් නොකළ බවට සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියා. කෙසේ වෙතත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේ සැකකරු පුරාවිද්‍යා ආඥා පනත යටතේද වරදක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බවයි.
