Connect with us

Local News

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි.

Published

on

2023 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද පස්වරු 2.59ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවුණා. ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ පස්වරු 3.29ටය. විචිත්‍රවත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා, දීකිරි මිශ්‍ර කිරිබතක් සහ තල හා විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගැනීම සිදු කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ අද පස්වරු 5.05ටය. එම නැකැත් වේලාවේදීද විචිත්‍ර වර්ණ වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන් ය. විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරි බතක්ද, තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම යෝග්‍ය බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 5.05ට යෙදී තිබෙනවා.