Connect with us

Local News

සම්මානිත ලේඛිකා අනුල ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි.

Published

on

ප්‍රවීණ ලේඛිකාවක්, පරිවර්තිකාවක් සහ මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කළ අනුල ද සිල්වා මහත්මිය ඊයේ අභාවප්‍රාප්ත වුණා. 1941 ජනවාරි 27 වනදා අම්බලන්ගොඩ පොල්වත්තේදී ඇය උපත ලබා තිබෙනවා. 1964 වසරේදී මිහිර පුවත් පතේ මාධ්‍යවේදිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය, ළමා කථා, නවකථා 100කට අධික සංඛ්‍යාවක් රචනා කර තිබෙනවා. ඇය සිය පළමු නවකථාව වන උන්මත්තකයෝ ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1964 වසරේදියි. අහස් මාලිගා, උන්මත්තකයෝ, මංජේශ්වරී, මහා මුහුද මමයි වැනි ජනප්‍රිය නවකතා, කෙටි කතා, යොවුන් නවක රැසක කතුවරිය වන ඇය දෙවියන්ගේ අඩවිය, තුන්වෙනි බිරිඳ, පිළිකා වාට්ටුව වැනි ජනප්‍රිය පරිවර්තන රැසකද හිමිකාරිණිය වන අතර, ඇයගේ සාහිත්‍යමය මෙහෙවර වෙනුවෙන් ඇය රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා. මිය යන විට ඇ​යගේ වයස අවරුදු 82ක් වූවා.

Continue Reading