Connect with us

Local News

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර කලින්ම පිටවෙලා

Published

on

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු හය දෙනෙකු ප්‍රශ්න කිරිම සදහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබේ.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේදීය.

පහ වසර  ශිෂ්‍යත්ව විභාගය පෙරේදා ආරම්භ වීමට විනාඩි දහයකට පෙර මෙම  විභාග මධ්‍යස්ථානයේ සහකාර විභාග ශාලාධිපතිවරයා විසින්  පලමු  ප්‍රශ්න පත්‍රය දුරකථනයෙන් ඡායාරූ ගත කොට  තවත් ගුරුවරුන්  කීපදෙනෙකුට යැවීම සම්බන්ධයෙන්  එම සහකාර විභාග ශාලාධිපතිවරයා සමග ගුරුවරු හය දෙනෙකු ජංගම දුරකතනයද සමග විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබේ.

අනුරාධපුර නගරයේ සහ නොච්චියාගම යන ප්‍රදේශවල පිහිටි රජයේ පාසල්වල සේවය කරන විදුහල්පතිවරයෙකු ඇතුළු පිරිසක් මෙම චෝදනාවට ලක්ව සිටින බව වාර්තාවේ.

මෙම ප්‍රශ්න පත්‍රය අනුරාධපුර ,නොචිචියාගම, කොළඹ, ඇතුළු ප්‍රදේශ කිපයකට යවා තිබෙන බවද අනාවරණය වී තිබේ.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයෙන් ජයාරූප ගතකිරිමේ සිද්ධිය සනාථ කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස් :

“මෙවන විට විභාග කෙරෙහි ඇති විශ්වාසය බිදවැටිලා . මෙම පහ වසර ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රශ්න පත්‍රය පිට විම සමිබන්ධයෙන්  ඊට වග කිව යුතු  සියලු  දෙනාට නිතිය තදින් ක්‍රියාත්මක  කොට දැඩි දඩුවම් පැමිණවිමට බලධාරීන් නොපමාව කටයුතු කල යුතුයි”

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *