Politics
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහායත් රනිල්ට හිමිවේ
2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව පැවසුවා.
පෙරේදා (08) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමේ වැඩසටහනට එක්වන පිරිසට මන්ත්‍රී අසංක නවරත්න මහතාද එක්වන බව පවසා තිබුණ ද අවසන් මොහොතේ දී පවා මන්ත්‍රීවරයා හෝ ඔහුගේ දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කිසිවෙකුත් ඊට එක්ව සිටියේ නැති බව වාර්තා වනවා.
පසුව මාධ්‍ය කළ විමසුමක දී ඔහු සඳහන් කර තිබුණේ ඔව්න් එම වැඩසටහනට එක්වන බවක් නොපැවසූ බවයි.