Connect with us

Local News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‍යේ සභාපති ධුරයට ශම්මි සිල්වා නැවත පත්වෙයි.

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා හිටපු සභාපති ශම්මි සිල්වා නැවත වතාවක් තේරී පත්ව තිබෙනවා. ඔහු එම ධූරයට පිට පිටම පත් වූ තෙවැනි අවස්ථාව ලෙසද මෙය වාර්තා වනවා. අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඔහු එම ධූරය සඳහා නිතරගයෙන් තේරී පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධූරය සඳහා මොහාන් ද සිල්වා පත්ව තිබෙනවා.