Breaking News
ලංකාවට කඳුළු ගෑස් තහනම්. ජිනීවා මනව හිමිකම් කවුන්සිලය කියයි.
විරෝධතා මර්දනය සඳහා ආරක්ෂක අංශ විසින් භාවිත කරනු ලබන කඳුලු ගෑස් නවතා දමන ලෙස ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තරයෙන් දැනුම්දී තිබෙනවා. ඒ අනුව එම දැනුම්දීම සිදු කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ පිහිටි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙනුයි. ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන විරෝධතා මර්දනයට යොදන කඳුලු ගෑස් සහිත උණ්ඩ ඇස්වලට හානිදායක විෂ රසායනික ද්‍රව්‍යයක් සහිත දෙයක් බවයි කවුන්සිලය දැනුම්දී ඇත්තේ. එමෙන්ම මෙරට පොලිසියට කඳුලු ගෑස් අලෙවි කිරීම සිදු කර ඇත්තේ ද බටහිර රාජ්‍යයන් විසින් බවට ද අනාවරණ වී
තිබෙනවා. මෙරට තුළ ඇති වන විරෝධතා මැඩලීමට සෑම අවස්ථාවකදීම අවම බලය යැයි පවසා කඳුලු ගෑස් ප්‍රහාර විරෝධතාකරුවන්ට එල්ල කිරීමට පොලිසිය ක්‍රියා කරනවා. එහිදී බොහෝ විරෝධතාකරුවන්ට එම කඳුලු ගෑස් වැදුණු පසු දෑස් හැර ගැනීමට නොහැකිව ඇද වැටෙන අවස්ථා, ක්ලාන්තව රෝහල්ගත කරන අවස්ථාව ද බොහෝ විට වාර්තා වී තිබෙනවා. එවන් තත්ත්වයක් තුළයි ජාත්‍යන්තරයෙන් මෙරට තුළ කඳුලු ගෑස් භාවිත කිරීම තහනම් කිරීමට දැනුම්දී ඇත්තේ.