Connect with us

Local News

මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසක් සමග පුද්ගල මරණ 20ක් වාර්තා වේ

Published

on

2024 ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව පසුගිය මාස 10 ඇතුළත ඩෙංගු රෝගීන් 41,866ක් දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්.

එමෙන්ම ඩෙංගු රෝගීන් 20 දෙනකු මියගොස් තිබෙනවා.

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

ඒ අනුව කොළඹ ගම්පහ, කළුතර, යාපනය වැනි දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.