Local News
මහින්දගේ ආරක්ෂාව අඩු කළොත් රටේ කැලඹීමක් ඇතිවෙන්න ඉඩ තියෙනව
පස්වන විධායක ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබෙන ආරක්ෂක නිලධාරීන් ප්රමාණයෙහි අඩු කිරීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් වසර 30 ක් පුරා පැවැති කුරිරු යුද්ධය නිම කළ නායකයා ලෙස මෙරට ජනතාව තුළ කැලඹීමක් ඇතිවීමට ඉඩ ප්රස්ථාව තිබෙන බව විශ්රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්.එස්.බී. වික්රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයාට ලිපියක් යවමින් දන්වා ඇතැයි වාර්තා වේ.
එවැනි අවස්ථාවක් සිදුවුවහොත් වත්මන් රජයට මෙම සිද්ධීන්වලට මුහුණ දීමට සිදුවන බවත් ඔහු පවසා ඇතැයි පැවසේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාළව මෙම ලිපිය යවා ඇති බව වාර්තා වේ.
එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදී සංවිධානය මුලිනුපුටා දැමීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් තුළ තවදුරටත් දැඩි වෛරී ස්වභාවයක් පවතින බවත්, ස්වකීය අරමුණු ඉටුකර ගැනීමට නොහැකිවීම නිසා ඊට පළිගැනීමක් ලෙස පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආර්යාව සහ දරුවන් වෙත ඕනෑම අවස්ථාවක ජීවත හානියක් සිදු කිරීමට ඉඩ ප්රස්ථාව ඇති බව දෙමළ ඩයස්පෝරාවේ ක්රියාකාරකම් තුළින් පෙනීයන බවත් එම ලිපියේ සඳහන්කර ඇති බව පැවසේ.
දැනට ලංකාව තුළ සිටින දේශපාලනික නායකයන් අතුරින් විශාල වශයෙන් ජීවිත තර්ජන ඇති දේශපාලන නායකයෙක් වශයෙන් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ හැඳින්විය හැකි බවත්, ඔහු වෙත දේශපාලනික වශයෙන් සහ වෙනත් රාජ්ය නොවන සංවිධාන, ISIS සංවිධාන, නොයෙකුත් ක්රියාකාරීන්ගේ බලපෑම් සහ පාතාල ක්රියාකාරකම් ඔහුගේ ජීවිතයට තර්ජනයන්ගේ කිසිදු අඩුවක් නොමැති බව පෙනී යන බවත් අදාළ ලිපියේ දැක්වෙන බවද වාර්තා වේ.
ඔහු ඇතුළු ආර්යාව සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම ආරක්ෂක අංශ සතු වගකීමක් බැවින්, විශ්රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය V සමගින් යුද, නාවික විශේෂ පුහුණුව ලත් පළපුරුදු නිලධාරීන් විසින් එම ආරක්ෂාව තහවුරු කිරීම ඉතා සාර්ථකව සිදු කරන බවද අධ්යක්ෂවරයා සඳහන්කර ඇතැයි පැවසේ.
මූලාශ්රය – අරුණ