Local News
බුත්තලින් සුළු භූ කම්පනයක්.
වැල්ලවාය – බුත්තල නගරය ආශ්‍රිතව අද අළුයම සුළු භූ චලනයක් වාර්තා වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එය රික්ටර් පරිමාණ ඒකක 2.3ක් ලෙස සටහන් වූ බවයි. අද (11) අළුයම 3.48ට පමණ මෙම භූ චලනය දිවයිනේ සියලු භූ කම්පන මාන පිහිටි මධ්‍යස්ථානවල සටහන්වී තිබුණා. මේ අතර ඊයේ (10) දිනයේ බුත්තල – පැල්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ චලන දෙකක් වාර්තා වූ අතර, එය දැක්වුණේ රික්ටර් පරිමාණ ඒකක 3ක් සහ 2.4ක් ලෙසටයි.