Connect with us

Local News

පොදුරද මඩුලු ක්‍රීඩා උලෙළට ලංකාවෙන් ගිය දස දෙනෙක් අතුරුදන් – AFP පුවත් සේවය වාර්තා කරයි.

Published

on

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙක් මේ වන විට අතුරුදන් වී ඇතැයි මෙරට ජ්‍යේෂ්ඨ ක්‍රීඩා බලධාරියෙක් උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කරනවා. මෙලෙස අතුරුදන් වූවන් බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ උත්සාහයක් ලෙසයි එය සැලකෙන්නේ.
අනන්‍යතාව හෙලි කිරීමට අකමැති වූ එම නිලධාරියා පවසා ඇත්තේ ක්‍රීඩකයින් 9 දෙනෙක් සහ කලමනාකරුවෙක් මෙලෙස අතුරුදන්වී ඇති බවයි. ජූඩෝ ක්‍රීඩිකා චමිලා ඩිලානි, ඇගේ කලමනාකරු අසේල ද සිල්වා සහ මල්ලවපොර ක්‍රීඩක ශනිත් චතුරංග අතුරුදන් වූ බව පසුගිය සතියේ වාර්තා වුණා.
අතුරුදන් වූ සෙසු ක්‍රීඩකයින් කවුරුන් දැයි අනාවරණය නොකරන එම ක්‍රීඩා බලධාරියා පවසන්නේ ඔවුන් රැකියාවන් අපේක්ෂාවෙන් එක්සත් රාජධානියේ රැඳී සිටීමට උත්සාහ කරන බවට සැක කරන බවය
මීට පෙර අතුරුදන් වූ තිදෙනා රැඳී සිටින ස්ථානය බ්‍රිතාන්‍ය පොලිසිය මගින් හඳුනා ගත්තද ඔවුන්ට මාස 6කට වලංගු වීසා බලපත්‍ර හිමිව තිබීම සහ එරට කිසිදු නීතියක් උල්ලංඝනය නොකිරීම නිසා ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග නොගත් බව ඒ එෆ් පී පුවත් සේවය වෙත තොරතුරු ලබා දුන් ක්‍රීඩා බලධාරියා පවසා තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් සිටින නිශ්චිත ස්ථානයක් ගැන පොලිසිය තොරතුරු ලබා දී නැහැ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 161 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් කණ්ඩායමක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගී වුණා. විදේශීය තරගාවලි සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම රටවල නතරවීමේ සිද්ධීන් පසුගිය කාලය පුරාම වාර්තා වී තිබෙනවා. ලෝක ශූරතා තරගාවලියට ඔස්ලෝ ගිය ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම අතහැර කලමනාකරු අතුරුදන් වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී.
දකුණු කොරියාවේ පැවති 2104 ආසියානු ක්‍රීඩා උලෙලට සහභාගී වූ ක්‍රීඩකයන් දෙදෙනෙක් ද අතුරුදන් වුණා.