Connect with us

Local News

පැළ සිටුවීමේ නැකත හෙට.

Published

on

2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර අතර අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත හෙට දිනට යෙදී තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ පෙරවරු 6.38ට යෙදෙන පැළ සිටුවීමේ නැකත තුළ ඵලයක් දෙන බහු වාර්ෂික බෝග පැළයක් රෝපණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. “නැකතට පැළයක් – ඵලයක් දෙන පැළයක් සිටුවමු” තේමාව යටතේ මෙවර පැළ සිටුවීමේ නැකත සැමරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සියලු කටයුතු සූදානම් කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළා. මෙහි ප්‍රධාන උත්සවය හෙට දින පෙරවරු 6.38ට අඟු​ණකොළපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.