Connect with us

Local News

නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම්

Published

on

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, නිල නිවාසවලින් මෙතෙක් භාර දි ඇත්තේ 14 ක් පමණක් බවය.

එවක අමාත්‍යවරුන් 28 දෙනෙකුට නිල නිවාස නිකුත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කලේය.

අමාත්‍යාංශය පැවසුවේ, නිල නිවාස භාරදීමේදි ඒවායේ හිඟ විදුලිබිල්පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවය.

සියලු බිල්පත් ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක් රජයේ නිල නිවාස යළි භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කලේය.

අමාත්‍යාංශයේ දැනුම් දීම දිගින් දිගටම මග හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.