Connect with us

Local News

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර අවදානම් කළාපයේ

Published

on

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 09:30 සිට හෙට පෙරවරු 09:30 දක්වා එය බලපැවැත්වෙනු ඇති.

ගාල්ල දිස්ත්‍රික්කයේ, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රදේශවලට සහ කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශයට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට , මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සඳහා පළමු මට්ටමේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්.