Connect with us

Local News

දින 22ක් තුළ ගෑස් ලක්ෂ 25ක් බෙදා හැරෙයි.

Published

on

පසුගිය දින 22 තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂ 25ක් පාරිභෝගිකයින් වෙත නිකුත් කර ඇති බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ, ප්‍රාදේශීය අලෙවි නියෝජිතයන් වෙත ද ගෑස් සිලින්ඩර් බෙදාහැරීම සිදු කරන බව යි. අද දිනයේ ද ගෑස් සිලින්ඩර් 140,000ක් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා. මේ අතර, කිව්.ආර්. කේතය අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් අසල රැඳී සිටියත් ඉන්ධන ලැබීමේ ප්‍රමාදයක් පවතින බවට කොළඹින් බැහැර පිට පළාත්වල ජනතාව චෝදනා කරනවා.
මේ අතර, සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ, පොලිස් ස්ථානවල ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එක් පිරවුම්හලකින් පමණක් ඉන්ධන ලබාදීම හේතුවෙන් ත්‍රීරෝද රථ රැසක්ම නිවෙස් තුළ ගාල් කිරීමට සිදු ව ඇති බව යි. මේ අතර, සංචාරකයන් වෙනුවෙන් ඉන්ධන අවසරපතක් ගුවන් තොටුපලේ දී මිල දී ගැනීමට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් විදුලිබල හා
බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවක දී අවධානයට ලක්වී තිබෙනවා. ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය පිළිබඳ ප්‍රගති සමාලෝචන හමුවක්ද ඊයේ පැවති අතර, එම අවස්ථාවේදීයි මේ පිළිබඳ අවධානය යොමු වී ඇත්තේ. කෙසේ වෙතත්, ව්‍යාපාරවල නිරතවන්නන් කිව්.ආර්. ක්‍රමවේදය යටතේ ඉන්ධන ලැබීම ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරනවා. ඒ අනුව ඉදිරියේ දී එළවළු මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතින බව කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති ඩී.එන්. සිල්වා කියා සිටියේ.

Continue Reading