Connect with us

Local News

තිරිඟු පිටි මිල ඉහළට.

Published

on

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අවම මිලකට පවතින තිරිඟු පිටි කිලෝව රුපියල් 270 සිට 283 දක්වා මිලකට අලෙවි වන බව ජයවර්ධන මහතා පැවසීය. කෙසේ වෙතත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සහ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බව ඔහු පැවසීය. තිරිඟු පිටි මිල අඩු කරන බවට වෙළෙඳ අමාත්‍යවරයා දුන් පොරොන්දුව ඉටු කරන තෙක් බලා සිටින බවත් ජයවර්ධන මහතා තවදුරටත් කීවේය.

Continue Reading