Connect with us

Local News

තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කරයි

Published

on

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලූම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලීසියට අදාළ කාර්යාල සඳහා මේ මස 30 සහ නොවැම්බර් 04 යන දෙදින සිදුකිරීමට නියමිතයි.

මීට අමතරව අනෙකුත් රජයේ ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 01 සහ 04 යන දෙදින තුළ සිදුකරනු ලබනවා.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබා දෙන ලකුණු කිරීමේ දිනය ලෙස නොවැම්බර් 07 සහ 08 යන දෙදින නම් කර තිබෙනවා.

මේ අතර තැපැල් ඡන්ද දායකයන්ගේ ලැයිස්තු සහතික කිරීම මේ මස 16 වන දින සිදුකරන අතර, තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම මේ මස 23 දින සිදු කරනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම මේ මස 26 වන දින සිදුකරන අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා විශේෂ බෙදීමේ දින ලෙස 27,31 සහ 03 වන දින නම් කර තිබෙනවා

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ අවසන් දිනය වන්නේ නොවැම්බර් 07 වනදායි.