Local News
ජොන්ස්ටන්ගේ වාහන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා ඇප මත මුදා හැරේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නීතිවිරෝධී ලෙස උපයා ගත් බව පැවසෙන BMW මෝටර් රථය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
අදාළ සැකකරුවන් දෙදෙනා එම සිද්ධිය සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී අතර අනතුරුව ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
අනතුරුව ඔවුන්ව මෙලෙස රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.
මෙම සුඛෝපභෝගී මෝටර් රථයේ සිද්ධියට අදාළව පසුගිය 23 වැනිදා ප්‍රකාශයක් ලබා දීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී යි අත්අඩංගුවට ගනු ලැබුවේ.
අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ජොන්ස්ටන් මහතා ලබන 30 දක්වා වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.