Connect with us

Local News

ජාතික සභාවේ නියෝජිතයින් මැති සබයේදී ප්‍රකාශයට පත්කෙරේ.

Published

on

රටේ ප්‍රශ්න විසඳීම සඳහා පිහිටුවනු ලබන ජාතික සභාවට පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි මන්ත්‍රීවරුන් 27 දෙනකු පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ජාතික සභාව නියෝජනය කිරීමට මෙසේ පත්කරනු ලැබ සිටින්නේ ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, වජිර අබේවර්ධන, ඒ.එල්.එම්. අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ, රිෂාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, රෝහිත
අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ජී.ජී. පොන්නම්බලම්, අතුරලියේ රතන හිමි, අසංක නවරත්න, අලි සබ්‍රි, සී.වී. විග්නේෂ්වරන්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු 27 දෙනා වෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් පිරිසකගේ නම් ලැබිය යුතු හෙයින් එම නම් ලැබුණු පසු ඒවා ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කරන බව ද කතානායකවරයා මෙහිදී සඳහන් කළේය. මේ අතර ජාතික සභාව පිළිබද පිළිබඳ යෝජනාවට සංශෝධනයක් ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා
පැවසුවේ කතානායකවරයා සභාපති වූද, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විපක්ෂයේ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ මෙරට පිළිගත් දේශපාලන පක්ෂවලින් නම් කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින් ජාතික සභාව සමන්විත විය යුතු බවයි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ජාතික සභාව යෝජනාව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී පසුගිය 20 වෙනිදා පස්වරුවේ සම්මත විය.

Continue Reading